Search

වසර 105 කට පසු පළමු ශ්‍රී ලාංකික භික්ෂුව Oxford වෙත

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ක්‍රොස් විද්‍යාලයට වසර 105 කට පසු පැමිණි ප්‍රථම ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂුව ලෙස පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන්ව පිළිගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සහ ඔක්ස්ෆර්ඩ් යන දෙඅංශයටම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.

ශාන්ත ක්‍රොස් විද්‍යාලය, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාලවලින් එකක් වන අතර පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් එහි බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශනපති (MPhil) උපාධියක් හදාරමින් සිටිනවා.

ඔක්ස්ෆර්ඩ්හි අධ්‍යාපනය ලැබූ අවසන් ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුව වන්නේ පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියන්.

පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියන් එම විශ්වවිද්‍යාලයට පැමිණ තිබෙන්නේ, 1919 දී වර්ෂයේදීයි.

මේ වනවිට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ක්‍රොස් විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදු කරන ලබන පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් පැවසුවේ ඔක්ස්ෆර්ඩ්හි බෞද්ධ භික්ෂුවක් ලෙස තම ජීවිතය බෞද්ධ ශිෂ්‍යත්වයේ වර්ධනය සහ සමාජ යහපැවැත්ම සඳහා කැප කරන බවයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »