නීතිවිරෝධී ලොතරැයියක් පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් බිලියනපතියෙකුට Adrian Portelli දකුණු ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් චෝදනා එල්ල කර තිබෙනවා.
Portelli නීති විරෝධී ලොතරැයියක් මෙහෙයවීම සහ සහාය දීම සම්බන්ධයෙන් චෝදනා නවයකට මුහුණ දී තිබෙනවා.
පසුගිය වසරේ ජනවාරි 29 වැනිදා සිට මේ වසරේ මැයි 16 වැනිදා දක්වා කාලය තුළ මෙම වැරදි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
LMCT+ මාසික දිනුම් ඇදීම් ඇතුළු සාමාජිකත්වය සමඟ සාප්පු සවාරි වට්ටම් සඳහා මාසික ගාස්තු අය කරනු ලබන බවයි සදහන් වනනේ.
Adrian Portelli යළිත් ජනවාරි 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
LMCT+ යනු මුදල්, කාර් සහ නිවාස ත්‍යාග පිරිනමන දායකත්වය මත පදනම් වූ ලොතරැයියක්.
මෙම ලොතරැයි අඩු ආදායම්ලාභී ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කර ගන්නා බවට සූදු විරෝධී උපදේශක කාර්‍යාලය චෝදනා කරනවා.
එම විවේචන නොතකා Portelli අවධාරනය කරන්නේ සමාගම හුදෙක් “සාමාජිකත්ව ත්‍යාග සේවාවක්” වන අතර එය ඕස්ට්‍රේලියානු පවුල් සඳහා ඩොලර් මිලියන ගණනක ඉතුරුම් උපයා දෙන අතරම දේශීය ව්‍යාපාරවලට උපකාර කරන්ව බවයි.