සමලිංගික ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් මෙල්බන් ඉවත් වී තිබෙනවා.
2030 වසරේදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීමේ ක්‍රියාවලියෙන් මෙල්බන් ඉවත් වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්ත රජයට ක්‍රීඩා උළෙල සදහා අවශ්‍ය අරමුදල් සැපයීමේ ගැටළුවක් හේතුවෙන් බවයි සදහන් වන්නේ.
මේ අතර මෙල්බන් නගරය සමලිංගික ක්‍රීඩා උළෙල පැවැත්වීම සදහා සුදුසු නගර ලැයිස්තුවට ඇතුලත් වී තිබීම ද විශේෂත්වයක්.
සෑම වසර 4 කට වරක්ම පැවැත්වෙන මෙම තරගාවලිය පැවැත්වෙන අතර එහි තරග ඉසව් සදහා සහභාගී වීමට සුදුසුකම් සපුරාලීම අවශ්‍ය නොවන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
වික්ටෝරියා ප්‍රාන්ත ලංසු උපදේශක කමිටුවේ ප්‍රධානී Justine Dalla Riva විසින් ප්‍රකාශ කර ඇත්තේ අරමුදල් සැපයීම සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජයේ ප්‍රතිචාරය හමුවේ සත්කාරකත්වය සදහා ලංසු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියෙන් මෙල්බන් ඉවත් වූ බවයි.
වික්ටෝරියා ප්‍රාන්තය තුළ LGBTQ + ප්‍රජාව වෙනුවෙන් සිදුකරන වැඩසටහන් සම්බන්ධයෙන් දින දර්ශනයක් මේ වනවිට නිකුත් කර තිබෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් සදහන් කර තිබෙනවා.