අද( 6 ) රාත්‍රී 8.30 සිට දෙසැම්බර් 7 වනදා දහවල් 1 දක්වා කාලය තුළ සිය ඔන්ලයින් පද්ධතියේ අලුත්වැඩියාවක් හේතුවෙන් සේවා කිහිපයකට එම කාලසීමාවේදී පිවිසීමට නොහැකි වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
අද 6 සිට හෙට දක්වා කාලය තුළ වීසා බලපත්‍රය කල් ඉකුත් වන අයෙකු වෙතොත් අද ( 6 ) රාත්‍රී 08.30 ට පෙර ඊළග වීසා අයදුම්පත ගොණු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
අදාළ කාලයෙන් පසුවද ‘Service Temporarily Unavailable ලෙස Error message එකක් ලදහොත් විනාඩි කිහිපයකින් පසු නැවත උත්සාහ කරන්නැයිද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
ඒ අනුව අද (6) රාත්‍රී 8.30 සිට දෙසැම්බර් 7 වනදා දහවල් 12 දක්වා කාලය තුළ පිවිසීමට නොහැකි වන සේවා පහත පරිදියි.
ImmiAccount
eLodgement (online visa and citizenship applications)
My Health Declarations (MHD) service
eMedical
Visa Entitlement Verification Online (VEVO)
LEGENDcom
Australian Trusted Trader
Employment Suitability Clearances
Detention Visitor Application
APEC Business Travel Card (ABTC)
Humanitarian Entrants Management System (HEMS)
Adult Migrant English Program Reporting and Management System (ARMS)
Education Provider Report (eBIT)
Visa Pricing Estimator
MSI Register
Australian Migration Status (AMS) Training Portal
Online Payment Portal
Registration Gateway.