Search

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයින්ට බදු වංචා වලට ඇති ඉඩකඩ ඇහිරෙයි

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) විසින් GST වංචාවන් සිදුකරන ව්‍යාපාර හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව ප්‍රකාශ කර තිබෙනවා.

GST වංචාවන් සිදුකරන ව්‍යාපාරවල වර්ධනයක් පෙන්නුම් කරන පසුබිමක Serious Financial Crimes Taskforce (බරපතල මූල්‍ය අපරාධ සම්බන්ධ කාර්ය සාධක බලකාය) විසින් මේ සම්බන්ධව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවයි සදහන් වන්නේ.

ඔස්ට්‍රේලියාවේ තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාරයන්වලට සාමාන්‍ය බදු ප්‍රතිලාභ හෝ වාර්ෂික බදු වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව අදාල ව්‍යාපාර විසින් ගෙවූ GST වලින් කොටසක් ලබාගැනීමට හැකියාව තිබීම ද විශේෂත්වයක්.

මේ අතර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) විසින් දක්වා ඇත්තේ ඇතැම් ව්‍යාපාර හිමියන් විසින් GST ලෙස ගෙවූ මුදල් ආපසු ලබාගැනීමේ ක්‍රියාවලියේදී විවිධ වංචනික උපක්‍රම භාවිතා කරමින් වැඩි මුදලක් ආපසු ලබාගන්න බවයි.

2022 වසරේ අප්‍රේල් මාසයේ සිට 2023 වසරේ ජූනි මාසය අතර කාලසීමාවේදී 57,000 කට වැඩි පිරිසක් GST ආපසු ලබා ගැනීමේදී බදු කාර්යාලයට වංචා කර තිබෙන අතර එම මුදල ඩොලර් බිලියන 2 ක් පමණ වන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔස්ට්‍රේලියානු ජාතික විගණන කාර්යාලය විසින් සැක පල කරන්නේ 2023 වසරේ ඔක්තෝබර් කාල සීමාවට අදාලව බදු කාර්යාලයේ සේවය කරන නිලධාරීන් 150 කට අධික පිරිසක් මෙම වංචාවන් සදහා සම්බන්ධ වී තිබෙන බවයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »