Search

ප්‍රංශ අගමැති විශ්වාසභංගයකින් පරාජයට පත්වෙයි

ප්‍රංශ රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය පරාජයට පත්වීම හේතුවෙන් එරට රජය බිඳ වැටී තිබෙනවා.

ඒ අගමැති මිචෙල් බානියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වමින් මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදීම හේතුවෙන් බවයි සදහන් වන්නේ.

අගමැතිවරයාට එරෙහි යෝජනාව සම්මත වීමට ඡන්ද 288ක් අවශ්‍යව තිබූ අතර ඡන්ද 331 ක් ලැබීමත් සමග බහුතර අනුමැතියෙන් යෝජනාව සම්මත වුණා.

1962 වසරෙන් පසුව විශ්වාසභංග යෝජනාවකින් පසු ප්‍රංශ රජයක් බිඳ වැටුණු පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වනවා.

පසුගිය හදිසි මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ තනි කණ්ඩායමකට බහුතර බලයක් නොතිබූ අතර ජනාධිපති මැක්‍රොන් විසින් අනුප්‍රාප්තික අගමැතිවරයෙකු තෝරා ගැනීමට නියමිතයි.

ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »