Search

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය රු.191 කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192කට ආසන්න වී තිබෙනවා.

 

එහි ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිළ සටහන්වූයේ රුපියල් 191යි ශත 59 ක් ලෙසයි.

 

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 182 යි ශත 13ක් ලෙසයි.

 

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 294යි ශත 69ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 286යි ශත 09ක් ලෙසයි.

 

ඒ අනුව මෙම මස ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 191 ක් වු අතර මේ වන විට ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය සුලු පහත වැටීමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

 

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 311.74 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 299.14 ක් ලෙසයි

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »