![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින උප නගර Rail Loop ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වනවිට මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය සදහා ඩොලර් බිලියන 5 ක් කොන්ත්‍රාත් ගිවිසුමක් දැනටමත් ප්‍රාන්ත රජය විසින් අත්සන් කර තිබෙන පසුබිමක ව්‍යාපෘතියේ පලමු අදියර අවසන් කිරීම සදහා ඩොලර් බිලියන 34 ක පමණ මුදලක් වැය වනු ඇති බවටයි අනුමාන කරන්නේ.
මෙය මෙල්බන් මධ්‍යයේ පිහිටා තිබෙන උපනගර හරහා Rail Loop සම්බන්ධකයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන සංවර්ධන සැලසුමක් බවයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන්ගේ අදහස වී ඇත්තේ.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සදහා වැය වන මුදල හේතුවෙන් ඇතැම් දේශපාලඥයින් ද ඊට විරෝධය පල කර තිබෙන බවයි සදහන් වන්නේ.
මෙල්බන් හි උතුරු සහ බටහිර ආසන නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවා මෙම ව්‍යාපෘතිය හේතුවෙන් කලකිරීමෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
මේ අතර මෙම ව්‍යාපෘතිය වික්ටෝරියා ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම සහ මිලෙන් අධිකම යටිතල පහසුකම් ව්‍යාපෘතිය බවට පත් වේ යැයි බොහෝ විද්වතුන් විසින් සදහන් කර තිබෙනවා.