ලොව අලංකාරමත්ම නගර 10අතරට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය නම් කර තිබෙනවා.
Euromonitor International විශ්ලේෂණ ආයතනය විසින් ලොව ආකර්ෂණීය නගර 10 මෙලෙස නම් කර තිබුණා.
. අලංකාර නගරයන් ආර්ථික සහ ව්‍යාපාරික කාර්ය සාධනය, සංචාරක කාර්ය සාධනය, සංචාරක යටිතල පහසුකම්, සංචාරක ප්‍රතිපත්ති සහ ආකර්ශනීය බව, සෞඛ්‍ය සහ ආරක්ෂාව සහ තිරසාර බව යන සාධක පදනම් කරගෙන මෙම නම් කිරීම සිදු කර ඇති බව සදහන්
එම ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියානු Sydney නගරයට හිමිව ඇත්තේ 10 වන ස්ථානයයි.
මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලොව ආකර්ෂණීය නගරය ලෙස ප්‍රංශයේ පැරිස් නගරය නම් කර තිබෙනවා.
ලොව ආකර්ෂණීය දෙවෙනි නගරය මැඩ්රිඩ් වන අතර තෙවැනි නගරය ජපානයේ ටෝකියෝ නගරය ලෙස නම් කර තිබෙනවා.
පිළිවෙලින් අනිකුත් නගර රෝමය, මිලාන් , නිව් යෝර්ක් , ඇම්ස්ටර්ඩෑම්, සිංගප්පූරුව සහ බර්සිලෝනා නගර එම ශ්‍රේණිගත කිරීමට අයත් ලොව ලස්සනම නගර ලෙස සදහන්.