ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් Visitor Visa බලපත්‍රයක් ප්‍රතික්ෂේප වීමෙන් තොරව ලබාගැනීම සදහා නිවැරදිව අයදුම් කරන ආකාරය සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සිය වෙබ් අඩවියේ පල කර තිබෙනවා.
අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ පැහැදිලි පිටපතක් ඇතුලු අවශ්‍ය සියලු ලිපි ලේඛණ අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ද එහි සදහන් වනවා.
වීසා අයදුම් පත්‍රයේ සහ විදේශ ගමන් බලපත්‍රයේ පවතින අයදුම්කරුගේ නමෙහි වෙනසක් නොතිබිය යුතු අතර අයදුම්කරුගේ උපන්දිනය ද සම්මත ආකෘතියට (දිනය / මාසය / අවුරුද්ද) සටහන් කර තිබිය යුතුයි.
වීසා අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කරන සෙසු ලිපි ලේඛණ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබීම ද අනිවාර්ය බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.
මෙහිදී වයස අවුරුදු 18 ට අඩු අයදුම්කරුවන් සදහා ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තු වෙබ් අඩවියේ පවතින ඊට අදාල පෝරමයන් පිරවීම අනිවාර්ය වන අතර එම අයදුම්කරුවන්ගේ උප්පැන්න සහතිකය, අයදුම්කරුගේ සහ අයදුම්කරුගේ දෙමව්පියන්ගේ විදේශ ගමන් බලපත්‍ර පිටපත් අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතුයි.
වීසා අයදුම්කරුවන්ට ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීම සදහා අවශ්‍ය මුදල් තිබීමද වැදගත් වන අතර අයදුම්කරු පවුලේ අය හෝ මිතුරන් හමුවීමට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් අදාල පාර්ශවයේ ආරාධනය ඇතුලත් ලිපියේ පිටපතක් ද අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.
අයදුම්කරු විසින් ඔස්ට්‍රේලියාවේ රැදී නොසිටිමින් අදාල කාලසීමාව අවසන් වූ පසුව නැවත තම මව් රට බලා පිටත් වන බවට ඔප්පු කිරීම සදහා අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීමද මෙහිදී ඉතාමත් වැදගත් බවයි සදහන් වන්නේ.