Search

ඔස්ට්‍රේලියාවේ සම්මාන උළෙලකදී ලංකික ගණකාධිකාරිවරියකට ඉහළම සම්මානයක්

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය ගණකාධිකරණ ආයතනය (IPA)
විසින් වාර්ෂිකව පවත්වනු ලබන විශිෂ්ඨ ගණකාධීකාරවරුන් ඇගයීමේ සම්මාන උළෙලක දි පිරිනමන IPA Member of The Year සම්මානය මෙවර ශ්‍රී ලාංකික ගණකාධීකාරීවරියකට හිමිව තිබෙනවා.

ශ්‍රී ලාංකික ගණකාධිකාරීවරියක් වන අමා අබේවික්‍රම මෙලෙස සම්මානයට පාත්‍ර වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියා රාජ්‍ය ගණකාධීකරණ ආයතනය (IPA) විසින් සිය සාමාජික ප්‍රජාවගේ විශේෂ ජයග්‍රහණ අගය කිරීම උදෙසා වාර්ෂික ජාතික සම්මේලනය අතරතුර දී මෙම සම්මාන උළෙල පවත්වනු ලබනවා.

ඇය 2013 වසරේදී ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වෙත පැමිණ ඇති අතර ඇය  තමන්ගේම නමින් සමාගමක් ආරම්භ කර තිබෙනවා.

මුල්කාලීනව ඔස්ට්‍රේලියාව තුළ සමාගමක් පවත්වාගෙන යාමේදී තම ස්වදේශීය භාෂා පසුබිම හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවූ බවයි ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මේ වනවිට ඇය දකුණු ඔස්ට්‍රේලියා ව්ශ්ව විද්‍යාලයේ මූල්‍ය සැලසුම් පිළිබදව ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටීම ද විශේෂත්වයක්.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »