
ඉදිරි මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ දේපළ වටිනාකම ඉහළ යාමට නියමිතව බව අද නිකුත් කල Domain වාර්තා පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව පර්ත්, ඇඩිලේඩ් සහ බ්‍රිස්බේන් හි නිවාස මිල සැළකියයුතු අගයකින් ඉහළයනු ඇතැයි සදහන්.
ඉදිරි වසර තුල නිවාස සඳහා ඉල්ලුම රට පුරා ඉහළ යනු ඇතැයි එම වාර්තා පෙන්වා දෙන අතර සිඩ්නි සහ මෙල්බන් හි නිවාස මිල අගය සාපේක්ෂව අඩු අගයකින් ඉහළ යනු ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

මන්ද බොහෝ දෙනා ප්‍රධාන නගර වලින් ග්‍රාමීය ප්‍රදේශ වලට සංක්‍රමණයවීමට තීරණය කිරීමත් සිඩ්නි හා මෙල්බන් හි නිවාස මිලෙහි ඉහලයෑම මන්දගාමී ස්වරූපයක් ගන්නා බව Domain පර්යේෂණ සහ ආර්ථික විද්‍යා නිකොලා පවෙල් පවසනවා.
ඒ අනුව බ්‍රිස්බේන් හි දේපල අගය සියයට පහේ සිට හත දක්වාත්, ඇඩිලේඩ්හි සියයට හතේ සිට නවය දක්වාත් පර්ත්හි සියයට අටේ සිට 10 දක්වාත් ඉහළ යනු ඇතැයි එම වාර්තා පුරෝකථනය කර තිබෙනවා.

නමුත් පසුගිය මාස 12 තුළ පර්ත් හි නිවාස මිල සියයට 20 කට වඩා වැඩි වීමත් සමඟ මිල වර්ධනය 2024 ට වඩා සැලකිය යුතු ලෙස මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව බලාපොරොත්තු වූවාට වඩා පොලී අනුපාත ඉහළ මට්ටමක තබා ගැනීම මේ තත්වයට හේතුව බව සදහන්.
මෙල්බන් දේපල මිල ගණන් මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරන අගනගරවලින් එකක් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
මෙල්බන් හි නිවාස මිල සියයට තුනේ සිට පහ දක්වා වූ උපරිම වර්ධනයකට යටත් වූ බව එම වාර්තා පෙන්නුම් කරනවා.