Search

මෙල්බන් හි කාළගුණය හෙට යළිත් වෙනස් වෙයි

හෙට දින ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යා හැකි බව කාළගුණ විද්‍යා කාර්යාංශය පුරෝකතනය කර තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියා හි උෂ්ණත්වය හෙට උණුසුම උපරිම අගයක් ගනු ඇති අතර මෙල්බර්න් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ක උපරිම උෂ්ණත්වයක් කරා ගමන් කරනු ඇති බව සදහන්.

ඇඩිලේඩ් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් දක්වා ඉහළ යනු ඇති අතර දකුණු ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රදේශවලට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යනු ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් දකුණු ඔස්ට්‍රේලියාවට ඉදිරි සතිය උෂ්ණත්වය සාපේක්ෂව ඉහළ අගයක් ගනු ඇති බව කාළගුණ නිවේදනයේ සදහන්.

නමුත් ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වන ටෙස්ට් තරගයේදී ක්‍රිකට් ලෝලීන්ට අංශක 33ක උපරිමයක් අපේක්ෂා කළ හැකි බවයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.

මෙම සතියේ ඇඩිලේඩ් වැසියන්ට රාත්‍රී කාලයේ උෂ්ණත්වය යම්තාක් ඉහළ අගයක් ගන්නා බව සදහන් වන අතර බොහෝ ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා අගයක් වාර්තා කරනු ඇති.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »