Shopping Bags ඔසවා ගෙන යාම සහ කෙටි කාලයක් තුළ පඩිපෙල් නැගීම වැනි ක්‍රියාකරම් හරහා කාන්තාවන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම 50% කින් අඩු වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
බ්‍රිතාන්‍ය ක්‍රීඩා වෛද්‍ය සඟරාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන මෙම අධ්‍යයනය සදහා අවුරුදු 40 ත් 70 ත් අතර වයස්වල පසුවන බ්‍රිතාන්‍ය කාන්තාවන් සහ පුරුෂයන් 22,000 කගේ පමණ දත්ත භාවිතා කර තිබෙන බවයි සදහන් වන්නේ.
මෙම අධ්‍යයනය හරහා හෙළිවී ඇත්තේ ඇත්තේ දෛනිකව මිනිත්තු 3 ත් 4 ත් අතර කාලසීමාවක දී අදාල ක්‍රියාකාරකම්වල නිරතවන මැදි වියේ කාන්තාවන්ට දරුණු හෘදයාබාධ තත්වයන් ඇතිවීමේ සම්භාවිතාවය 45 කින් අඩු වන බවයි.
මේ අතර එම ක්‍රියාකාරකම්වල නිරත වන කාන්තාවන්ට හෘදයාබාධ වැළදීමේ ප්‍රවණතාවය 51% කින් අඩු වී තිබෙන නමුත් එවැනි ක්‍රියාකාරකම්වල නිරත නොවන මැදි වියේ කාන්තාවන්ට හෘදයාබාධ වැළදීමේ සම්භාවිතාවය 67% කින් පමණ ඉහළ ගොස් තිබෙන බවද සදහන්.
මෙම අධ්‍යයනයේ පුරෝගාමියෙකු වන සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Emmanuel Stamatakis විසින් ප්‍රකාශ කර ඇත්තේ දිනපතා ව්‍යායාම කිරීමට අකමැති කාන්තාවන්ට නිරෝගීව සිටීම සදහා මෙවැනි ක්‍රියාකාරකම් සාර්ථක විකල්පයක් වන බවයි.
පඩිපෙල් නැගීම, සාප්පු සවාරි යෑම උසින් වැඩි ස්ථාන වෙත ගමන් කිරීම වැනි සරල ක්‍රියාකාරම් මෙම ක්‍රියාවලිය සදහා ඇතුලත් වන බවයි ඔහු විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.