Search

ඔස්ට්‍රේලියාවේ රිය ධාවනයට අනතුරුදායකම මාර්ග මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ කාර්යබහුල වේලාවන්වල රිය පැදවීම සදහා අනතුරුදායකම නගර පිළිබදව වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

Right2Drive විසින් සිදු කර තිබෙන මෙම අධ්‍යයනය හරහා හෙළිවී ඇත්තේ මාර්ග අනතුරුවලින් 39% ක් පමණ සිදුවන්නේ කාර්යබහුල වේලාවන් වලදී බවයි.

දහවල් 3 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවන බවත් උදෑසන 6 සිට උදෑසන 10 දක්වා කාලය තුළදී ද සැලකිය යුතු මාර්ග අනතුරු ප්‍රමාණයක් සිදුවන බවයි එම දත්ත වාර්තා මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ කාර්යබහුල වේලාවන්වල රිය පැදවීම සදහා අනතුරුදායකම නගරය බවට Nothern Territory හි පිහිටි Derwin පත්ව තිබෙන අතර එම වේලාවන් වලදී සෑම පුද්ගලයන් 100 ක් සදහා Derwin හි රිය අනතුරු සිදුවීමේ අගය 2.560 ක් පමණ වනවා.

ලැයිස්තුවේ දෙවන ස්ථානය දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පිහිටි Port Augusta වෙත හිමිව තිබෙන අතර අදාල වේලාවන් වලදී සෑම පුද්ගලයන් 100 ක් සදහා Port Augusta හි රිය අනතුරු සිදුවීමේ අගය 1.825 ක් බවයි සදහන් වන්නේ.

ටස්මේනියා ප්‍රාන්තයේ පිහිටි Hobart මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව තිබෙන පසුබිමක කාර්යබහුල වේලාවන් වලදී Hobart හි සෑම පුද්ගලයන් 100 ක් සදහා රිය අනතුරු සිදුවීමේ අගය 1.350 ක් බවයි වාර්තා වන්නේ.

ලැයිස්තුවේ සිව් වන ස්ථානය දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පිහිටි Victor Harbour වෙත හිමිව තිබෙන අතර එම කාලයන් වලදී සෑම පුද්ගලයන් 100 ක් සදහා එම නගරයේ රිය අනතුරු සිදුවීමේ අගය 1.196 ක් පමණ වනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බ්‍රිස්බන් වෙත මෙම ශ්‍රේණිගත කිරීමේදී පස් වන ස්ථානය සදහා නම් කර ඇති අතර එහි කාර්යබහුල වේලාවන් වලදී එහි සෑම පුද්ගලයන් 100 ක් සදහා රිය අනතුරු සිදුවීමේ අගය 0.928 ක් බවයි සදහන් වී ඇත්තේ.

ලැයිස්තුවේ හය වන ස්ථානය සදහා වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි Bendigo නගරය නිර්දේශ වී තිබෙන අතර එහි එම වේලාවන් හීදී සෑම පුද්ගලයන් 100 ක් සදහා රිය අනතුරු 0.906 ක් සිදුවන බවයි දැක්වෙන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ කාර්යබහුල වේලාවන්වල රිය පැදවීම සදහා අනතුරුදායකම නගර අතරට පිළිවෙලින් දකුණු ඔස්ට්‍රේලියාවේ Gawler, නිව් සවුත් වේල්ස් හි සිඩ්නි, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් යන නගර ද නම් කර තිබීම විශේෂත්වයක්.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »