නත්තල් සමයේදී වර්ණවත් විදුලි බුබුළු භාවිතා කරමින් සිදු කරන මෝටර් රථ සැරසීම් හේතුවෙන් එය මාර්ගයේ ගමන් කරන සෙසු රියදුරන්ට අනතුරුදායක බවට හදුනාගෙන තිබෙනවා.
මෙවැනි පසුබිමක Astor Legal හි ප්‍රධාන නීතීඥ අවිනාශ් සිං විසින් පෙන්වා දී ඇත්තේ මෙම වර්ණවත් සැරසිලි නීතියට පටහැනි වන බවත් ඒම සැරසිලි අදාල ප්‍රාන්ත මාර්ග අධිකාරියේ නීතිවලට අනුකූල විය යුතු බවයි.
නත්තල් සමයේදී මෝටර් රථය සදහා නියම කර තිබෙන එකම නීත්‍යානුකූල සැරසිලි වර්ගය වන්නේ ස්ටිකර් පමණක් වන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
Victoria’s Road safety Rules 2017 (වික්ටෝරියා ප්‍රාන්ත මාර්ග ආරක්ෂණ නීති) හි සදහන් වන්නේ රියදුරෙකුගේ මෝටර් රථයේ සවිකර තිබෙන විදුලි බුබුළු මගින් තවත් රියදුරෙකුට වාහනය ධාවනය කිරීමේදී බාධාවන් සිදු නොවිය යුතු බවයි.
මෙම නීති උල්ලංඝනය කරන මෝටර් රථ රියදුරන්ට දඩුවම් ඒකක තුනක් හිමිවන බවත් එක් දඩුවම් ඒකකයකට ඩොලර් 197.59 ක දඩ මුදලකට යටත් වන බවයි එහි සදහන් ව ඇත්තේ.
මේ අතර ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්තවල ද මෝටර් රථවල වර්ණවත් විදුලි බුබුළු සවිකිරීම සම්බන්ධයෙන් නීති රෙගුලාසි පවතින අතර එම නීති කඩකරන රියදුරන්ට දඩුවම් වලට යටත් වීමට සිදුවන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.