Search

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්වාසවන්තව Brand මෙවර වෙනස් වෙයි

ඔස්ට්‍රේලියානුවන් අතර වැඩි විශ්වාසයක් දිනා ගෙන තිබෙන වෙළද සන්නාමයන් පිළිබදව ශ්‍රේණිගත කිරීමක් සිදුකර තිබෙනවා.

Roy Morgan වෙළද පර්යේෂණ සමාගම විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනය සදහා මෙම වර්ෂයේ සැප්තැම්බර් කාර්තුවට අයත් දත්ත උපයෝගී කරගෙන තිබෙන බවයි සදහන් වන්නේ.

ඔස්ට්‍රේලියානුවන් අතර වැඩිම විශ්වාසයක් දිනා ගෙන තිබෙන වෙළද සන්නාමය බවට Burnings සමාගම පත්ව තිබෙනවා.

එම ලැයිස්තුවේ දෙවන ස්ථානයන් Aldi සුපිරි වෙළදසැල් ජාලයට හිමිව තිබෙන පසුබිමක එහි තෙවන ස්ථානය Kmart වෙත හිමිව තිබීම ද විශේෂත්වයක්.

Toyota සමාගමට මෙම ශ්‍රේණිගත කිරීමේදී සිව් වන ස්ථානය හිමි වෙද්දී එහි පස් වන ස්ථානය Apple සමාගම වෙත හිමි වී තිබෙන බව ද සදහන්.

මෙම ලැයිස්තුවේ හය වන ස්ථානය සහ හත් වන ස්ථානය පිළිවෙලින් Australia Post සහ Big W යන සන්නාම වෙත හිමි ව තිබෙනවා.

NRMA වෙත මෙහි අට වන ස්ථානය හිමිව තිබෙන පසුබිමක ශ්‍රේණිගත කිරීමේදී 9 වන ස්ථානය Myer වෙළද සන්නාමය වෙත හිමිව තිබීම ද කැපී පෙනෙනවා.

Roy Morgan පර්යේෂණ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානුවන් අතර වැඩි විශ්වාසයක් දිනා ගෙන සිටින වෙළද සන්නාම අතර දස වන ස්ථානය Samsung සමාගම වෙත හිමිව තිබෙම බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »