ලබන වසරේදී සංචාරය සදහා ආරක්ෂිතම රටවල් අතර ඔස්ට්‍රේලියාව ද ඇතුලත් ව තිබෙනවා.
එක්සත් ජනපද රක්ෂණ සමාගමක් වන Berkshire Hathaway Travel Protection විසින් අපරාධ අනුපාතය, කාන්තා හා LGBTQ + ප්‍රජාවගේ ආරක්ෂාව, ප්‍රවාහන පද්ධතිය සහ සංචාරකයන් සදහා වන සෞඛ්‍ය සේවයේ ක්‍රියාකාරීත්වය වැනි සාධක පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබෙන බවයි සදහන් වන්නේ.
2025 වසරේදී සංචාරය සදහා සදහා වඩාත් ආරක්ෂිතම රට බවට මෙවර අයිස්ලන්තය පත්ව තිබෙනවා.
ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියාවට එහි දෙවන ස්ථානය හිමිව තිබීම ද විශේෂත්වයක්.
ලැයිස්තුවේ තෙවන ස්ථානය කැනඩාවට හිමිවෙද්දී එහි සිව් වන ස්ථානය අයර්ලන්තයට හිමිව තිබෙන බව ද සදහන්.
ස්විට්සර්ලන්තයට ශ්‍රේණිගත කිරීමේදී පස් වන ස්ථානය හිමිව තිබෙන අතර නවසීලන්තයට ලැබී ඇත්තේ එහි හය වන ස්ථානයයි.
රටවල් 15 ක් කේන්ද්‍ර කරගෙන සිදු කර ඇති මෙම ශ්‍රේණිගත කිරීමේදී අවසන් ස්ථානය ස්වීඩනය වෙත හිමිව තිබීමද කැපී පෙනෙනවා.