Search

මෙල්බන් විශ්වවිද්‍යාලයේ Dean තනතුරකට ශ්‍රී ලාංකිකයෙක්

මෙල්බන් විශ්වවිද්‍යාලයේ  ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මහාචාර්ය තාස් නිර්මලතාස් මහතා (Professor Thas Nirmalathas)පත්කර තිබෙනවා.

විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන මහාචාර්ය තාස් 2024 වසරේ ජනවාරි මස සිට ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨයේ වැඩ බලන පීඨාධිපති ලෙස සේවය කර තිබෙනවා.

ඔහු මේ වන විට ඔහු ඔස්ට්‍රේලියා ඉංජිනේරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙක්.

එසේම ඔස්ට්‍රේලියානු තාක්ෂණ විද්‍යා හා ඉංජිනේරු ඇකඩමියේ සාමාජිකයෙක් වන ඔහු  විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ (IEEE) USA සහ Optica USA හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්.

මහාචාර්ය තාස් නිර්මලතාස් ගේ ප්‍රාථමික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ පාසැල් කිහිපයකින් ලබා ඇති අතර

Thirunavukkarasu Maha Vidiyalayam,

Chavakachcheri Hindu College ,

Jaffna Hindu College ඒ අතර වනවා.

උසස් පෙළ හැදෑරීම සදහා මහාචාර්ය තාස් නිර්මලතාස් මහ නුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්ව තිබෙනවා.

පසුව විශ්වවිද්‍යාලය අධ්‍යාපනය සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

1990 වසරේ මෙල්බන් විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ ඔහු B.E(Electrical and Electronic) First Class Honours Electrical and Electronic Engineering උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.

පසුව එම විශ්වවිද්‍යාලයේම PhD Electrical and Electronic Engineering- Photonics සම්පූර්ණ කරන ඔහු 2000 වසරේ Australian Photonics CRC හි අධ්‍යක්ෂක තනතුරට පත්ව තිබෙනවා.

 

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »