උත්සව සමය ආරම්භයත් සමග ඔස්ට්‍රේලියානුවන් මධ්‍යසාර පාන වලින් ඈත්ව ඇති බව නව පර්යේෂණවලින් හෙළිව තිබෙනවා.
වයස අවුරුදු 25 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 62ක් සදහන් කර ඇත්තේ තමන් මේ වසරේ දී මධ්‍යසාර පාන වලින් ඉවත්ව ඇති බවයි.
විශේෂයෙන් Low or Zero Alcohol පාන වෙත බොහෝ ඔස්ට්‍රේලියානුවන් යොමුව ඇති බව සදහන්.
උත්සව සමයේ මත්පැන් වියදමද ඔස්ට්‍රේලියානුවන් අතර සැළකිය යුතු ලෙස ඉහළ යන පසුබිමක මෙලෙස ඔස්ට්‍රේලියානුවන් මධ්‍යසාර පාන වලින් ඉවත්ව ඇති බවට පලවන පුවත වඩාත් ධනාත්මක තත්වයක් බවයි විචාරකයි පවසන්නේ.
2021 වසරේ මෙම කාලසීමාවේ මධ්‍යසාර භාවිතයෙන් සියයට 35ක ප්‍රමාණයක් ඉවත්ව ඇති අතර මෙම වසරේ සියයට 51ක් මෙලෙස Low or Zero Alcohol පාන වෙත යොමු වන බවයි පුරෝකතනය කර ඇත්තේ.
Drinkwise ආයතනය විසින් මෙම අධ්‍යනය සිදු කර ඇති අතර එහි CEO සදහන් කළේ සමීක්ෂණයට සහභාගිවූවන්ගෙන් සියයට 53ක් තමන් මෙම උතාව සමයේ මත්පැන් භාවිතයෙන් ඉවත් වන බවයි.