නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඉතා දුර්ලභ සුදු දේදුන්නක් පායා තිබෙනවා.
ඒ අනුව මෙම දුර්ලභ සුදු දේදුන්න නිව් සවුත් වේල්ස් හි ක්‍රවුඩි හෙඩ් ප්‍රදේශයේ දිස්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙය මීදුම සහ සූර්යාලෝකය එක්ව ඇතිවු තත්වයක් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
කාලගුණ විද්‍යා කාර්යාංශයේ ජොනතන් පැවසුවේ මීදුම හා එක්ව නිර්මාණය වුවක් වන අතර මෙය දේදුන්නකට සමාන කළ නොහැකි බවයි.
මීදුම සඳහාල මීදුමෙහි ජල බිඳිති ඉතා කුඩා වන අතර දේදුන්නක ජල බිඳිති වඩා විශාල වන බවද ඔහු සඳහන් කළා.
ජල බිංදු කුඩා වන තරමට එය සුදු පැහැයක් ගන්නා බවයි වැඩිදුරටත් සදහන් කර ඇති අතර වැහි බිංදුව විශාල වන තරමට දේදුන්නෙහි වර්ණ වඩාත් පැහැදිලිව දිස්වන බවයි සදහන් කර ඇත්තේ.