ඔස්ට්‍රේලියාවේ සේවා කටයුතු සදහා පෑස්සුම් කරුවන්ගේ සහ වෑද්දුම් කරුවන්ගේ (Welders) හිඟයක් පවතින බවට තොරතුරු සදහන් වනවා.
වාර්තා වන අන්දමට ඔස්ට්‍රේලියාව තුළ පෑස්සුම්කරුවන් 70,000 ක පමණ හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් AUKUS න්‍යෂ්ඨික සබ්මැරීන් ව්‍යාපෘතිය ඇතුළු යටිතල පහසුකම් සහ ආරක්ෂක ව්‍යාපෘතීන් රැසක ප්‍රමාදයන් සිදුවන බවයි සදහන් වන්නේ.
විශාල සමාගම් විසින් සුදුසුකම් ලත් පෑස්සුම්කරුවන් සේවයට බදවා ගැනීම නිසා කුඩා ව්‍යාපාරවලට ප්‍රමාණවත් අයුරින් සේවකයන් නොමැති වීම ද මෙම තත්වය සදහා බලපෑමක් එල්ල කර තිබෙනවා.
පෑස්සුම් ශිල්පය පුහුණු කිරීම සදහ වර්තමානයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදය වැදගත් වන අතර ඒ සදහා වසර 4 ක පමණ කාලයක් ගතවන බවයි සදහන් වන්නේ.
පත්ව ඇති අර්බුදයට විසදුමක් ලෙස Weld Australia විසින් විධිමත් පුහුණු වැඩසටහනක් දියත් කරන අතර ඒ හරහා සති 12 ක කාලයක් තුළ පෑස්සුම් ක්ෂේත්‍රය සම්බන්ධව ඉක්මන් පුහුණුවක් ලබා දෙන බවයි මෙහි දැක්වෙන්නේ.
කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූලව සිදුකරන මෙම පුහුණු වැඩසටහන හරහා මාස 3 ක් වැනි කෙටි කාල සීමාවකින් පෑස්සුම් රැකියා ක්ෂේත්‍රය වෙත නවක සිසුන් යොමු කිරීමට අවකාශය හිමි වීම ද විශේෂත්වයක්.