Search

$3 withdrawal ගාස්තු ගැන ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුවක් වන Commonwealth බැංකුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ ඩොලර් 3 ක ආපසු ගැනීමේ ගාස්තුව සම්බන්ධයෙන් යළි සලකා බලන බව නිවේදනය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම බැංකුව ඊයේ සදහන් කළේ ජනවාරි 6 වනදා සිට, ගණුදෙනුකරුවන් විසින් කොමන්වෙල්ත් බැංකු ශාඛාවකින්, තැපැල් කාර්යාලයකින් හෝ දුරකථනය භාවිතයෙන් මුදල් ලබා ගන්නා විට ඩොලර් 3ක් ආපසු ගැනීමේ ගාස්තුවක් අය කරන බවයි.

මෙම තීරණයත් සමග ෆෙඩරල් රජය එම තීරණය නැවත සලකා බලන ලෙස කොමන්වෙල්ත් බැංකුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කොමන්වෙල්ත් බැංකුව මෙම තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග ගණුදෙනුකරුවන් රැසක් මෙම තීරණයට විරුද්ධව අදහස් කල කර තිබුණා.

කෙසේ වෙතත් කොමන්වෙල්ත් බැංකු අද ප්‍රකාශ කල නිවේදනයේ දැක්වෙන්නේ එම තීන්දුව යළිත් සමාලෝචනයට ලක් කරන බවයි.

මිලියන 10කට අධික ගණුදෙනුකරුවන් පිරිසක් කොමන්වෙල්ත් බැංකුව වටා සිටින අතර මෙයින් වැඩි දෙනෙක්ට අනවශ්‍ය වැය බරක් බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

තවද මේ වන විට Complete Access (කම්ප්ලීට් ඇක්සස්) ගිණුම් ඇති අය Smart Access (ස්මාර්ට් ඇක්සස්) ගිණුමකට මාරු වන ලෙසයි කොමන් වෙල්ත් බැංකුව පාරිභෝගිකයින්ට දැනුම් දී තිබෙනවා.

 

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »