Search

මාස 3කට පසු ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය වාර්තා බිඳ දමයි

වසරේ මේ දක්වා ගතවූ මාස 11 ක කාලසීමාව තුල ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා තිබෙනවා.

නොවැම්බර් 30 වනදායින් අවසන් වූ මාස 11 තුළ සංචාරකයින් 1,804,873 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

නොවැම්බර් මාසයේ පමණක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන එක් ලක්ෂ අසු හතරදහස ඉක්මවා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවට මෙම වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 364093ක්.

දෙවනුව රුසියානුවන් සහ තෙවනුව බ්‍රිතාන්‍ය ජාතිකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්ත ලෙස තෝරා ගෙන ඇති බව සදහන්.

2024 වසරේ නොවැම්බර් 30 දක්වා ඔස්ට්‍රේලියානු සංචාරකයින් 76464ක් ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති අතර ගතවූ නොවැම්බර් මාසයේ පමණක් ඔස්ට්‍රේලියානුවන් 7937 ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ ජූලි මාසයෙන් පසු වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ නොවැම්බරයේ වීමද විශේෂත්වයක්.

2018 වසරෙන් පසු නොවැම්බර් මස මෙවැනි සංචාරක ආකර්ෂණයක් ශ්‍රී ලංකාවට හිමිවූ පළමු අවස්ථාව මෙයයි.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »