Search

වික්ටෝරියා ඇතුලු ප්‍රදේශ රැසකට ඉදිරි සතියේ කාළගුණයෙ ලොකු වෙනසක්

නැගෙනහිර ඔස්ට්‍රේලියාව තුළ ඉදිරි දින කිහිපයේදී දරුණු කුණාටු සහිත අධික වර්ෂාපතනයක් ඇතිවීමේ අවදානමක් පවතින බව සදහන් වනවා.

ඉදිරි දිනවල දී ක්වීන්ස්ලන්ඩ්, නිව් සවුත් වේල්ස් , වික්ටෝරියා සහ ටස්මේනියා යන ප්‍රාන්තවල ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි සදහන් වන්නේ.

කාලගුණ විද්‍යා කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ ඩීන් නාරමෝර් විසින් අනතුරු අඟවා ඇත්තේ මෙම වැසි අධික කාලගුණ තත්වය හේතුවෙන් නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක හදිසි ගංවතුර තත්වයන් ඇති විය හැකි බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ ඊසාන දිග ප්‍රදේශවලට මෙන්ම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතැම් උතුරු ප්‍රදේශවලට ද ඉදිරි දිනවලදී මිලිමීටර් 100 දක්වා වර්ෂාපතනයක් ඇද හැලෙන බවද සදහන් වනවා.

මෙම වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් එම ප්‍රදේශවල ද හදිසි ගංවතුර තත්වයන් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවයි කාලගුණ විද්‍යා කාර්යංශය විසින් සදහන් කර ඇත්තේ.

මේ අතර මෙම අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හදිසි සේවාවන් තුළින් ලැබෙන උපදෙස් කෙරෙහි අවධානය යොමු කරන ලෙසද කාලගුණ විද්‍යා කාර්යංශය විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »