Search

ඔස්ට්‍රේලියාව තුළ සතුට අඩුම ප්‍රාන්තය බවට වික්ටෝරියා පත් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සතුටින්ම සිටින පදිංචිකරුවන් ජීවත් වන ප්‍රාන්තය නම් කර තිබෙනවා.

Great Southern බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ “No Place Like home” වාර්තාවට අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙන බවයි සදහන් වන්නේ.

ඔස්ට්‍රේලියාවේ සතුටින්ම සිටින පදිංචිකරුවන් ජීවත් වන ප්‍රාන්තය බවට ටස්මේනියා ප්‍රාන්තය පත්ව තිබෙන අතර එම අගය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 54% ක් වන බවයි එම දත්ත වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ.

46% ක ප්‍රතිශතයක් හිමි කරගත් ACT වෙත මෙහි දෙවන ස්ථානය හිමි වෙද්දී 43% ක ප්‍රතිශතයක් හිමි කරගත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට මෙහිදී තෙවන ස්ථානය හිමිව තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට මෙම ශ්‍රේණිගත කිරීමේදී පිළිවෙලින් සිව් වන ස්ථානය සහ පස් වන ස්ථානය හිමිව තිබෙන පසුබිමක ප්‍රාන්ත දෙකේම වැසියන්ගෙන් 40% ක ප්‍රමාණයක් සතුටින් ජීවත් වන බවයි එම වාර්තා ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

36% ක ප්‍රතිශතයක් හිමි කරගත් Nothern Territory සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට මෙම ශ්‍රේණිගත කිරීමේදී හය වන ස්ථානය සහ හත් වන ස්ථානය හිමිවී තිබෙන බවයි මෙහි දක්වා ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ සතුටින්ම සිටින පදිංචිකරුවන් ජීවත්වන ප්‍රාන්ත අතර අවසන් ස්ථානය වික්ටෝරියා ප්‍රාන්තයට හිමිව තිබෙන අතර වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ගේ 35% ක ප්‍රතිශතයක් පමණක් සතුටින් ජීවත් වන බවයි එම දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »