ලෝක සම්මත වන – වියන් රීතියෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක් වන මෙල්බන් සහ සිඩ්නි බැහැර වී ඇති බව නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.
මියුනිච් තාක්ෂණික විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධ වෙමින් RMIT විශ්ව විද්‍යාලය විසින් සිදු කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ ලොව ප්‍රධාන නගර අටක ගොඩනැගිලි මිලියන 2.5 ක් නිර්මාණය කර තිබෙන බවයි.
මෙම අධ්‍යයනය සදහා මෙල්බන් සහ සිඩ්නි නගර මධ්‍යයේ පිහිටා තිබෙන තදාසන්න ප්‍රදේශ පමණක් යොදා ගෙන තිබෙන බවයි සදහන් කර ඇත්තේ.
මේ අතර මෙල්බන් නගර මධ්‍යයේ පිහිටි ප්‍රදේශ හතරෙන් එකකට වඩා අඩු ප්‍රමාණයක පමණක් වන වැස්ම 20% ක වඩා පවතින බව මෙම අධ්‍යයනය ඔස්සේ අනාවරණය වී තිබෙනවා.
සිඩ්නි නගර මධ්‍යයේ පිහිටි ප්‍රදේශවලින් තුනෙන් එකක පමණ වන වැස්ම 30% කට ආසන්න අගයක පවැති බව ද එහි වැඩිදුරටත් සදහන්.
RMIT හි නාගරික පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන පර්යේෂක මහාචාර්ය Thami Croeser විසින් සදහන් කර ඇත්තේ මෙල්බන් සහ සිඩ්නි හි ප්‍රදේශ රැසක වන – වියන් වර්ධනය කිරීම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින නමුත් වීදි සහ මාර්ග සැලසුම් කිරීමේදී ස්වභාවික පරිසරය කෙරෙහි මූලික අවධානයක් ලබා දීම සිදු නොවන බවයි.