ඔස්ට්‍රේලියාව තුළ ව්‍යාපාර පවත්වා ගෙන යාම සදහා සුදුසුම ප්‍රාන්ත සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික කවුන්සිලය (BCA) විසින් සිදුකර තිබෙන වාර්ෂික සමාලෝචනයට අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙන බවයි සදහන් වන්නේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ ව්‍යාපාර පවත්වා ගෙන යාම සදහා වඩාත් සුදුසුම ප්‍රාන්තය බවට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය නම් කර තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීමේදී ටස්මේනියා ප්‍රාන්තයට දෙවන ස්ථානය හිමිව තිබෙන අතර ACT වෙත එහි තෙවන ස්ථානය හිමිව තිබෙන බවයි දක්වා ඇත්තේ.
Nothern Territory වෙත මෙම ලැයිස්තුවේ සිව් වන ස්ථානය හිමි වෙද්දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට එහි පස් වන ස්ථානය හිමිව තිබීමද විශේෂත්වයක්.
මෙම ශ්‍රේණිගත කිරීමේදී හය වන සහ හත් වන ස්ථාන පිළිවෙලින් හිමි වූයේ ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වෙතයි.
මේ අතර ඔස්ට්‍රේලියාව තුළ ව්‍යාපාර පවත්වා ගෙන යාම සදහා සුදුසුම ප්‍රාන්ත අතර අවසන් ස්ථානය වික්ටෝරියා ප්‍රාන්තය වෙත හිමිව තිබීම ද කැපී පෙනෙනවා.