Search

වීසා ගැටලු තියන වික්ටෝරියා සංක්‍රමණිකයින් හමුවන්න නිලධාරින් අද සුදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton (ශෙපටන්) වැසියන් සදහා වන වීසා ගැටලු වලට පිළිතුරු ලබා දීමේ දෙදින වැඩසටහනක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් අද(4) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වික්ටෝරියා හි සිටින සංක්‍රමණිකයින්ගේ වීසා බලපත්‍රය මෑතකදී කල් ඉකුත් වී ඇත්නම් හෝ කල් ඉකුත් වීමට ආසන්නව ඇති අය සදහා මෙය වඩාත් වැදගත්වනු ඇති.

හෙට සහ අනිද්දා යන දෙදින ශෙපටන් Education and Activity Centre හි මෙම හමුව පැවැත්වෙනවා.

ඒ අනුව අද (4) දහවල් 12 සිට රාත්‍රී 7 දක්වාත් දෙසැම්බර් 5 වන දින උදෑසන 10 සිට සවස 6 දක්වා කාලයන් හි එහි පැමිණ ඔබේ සියලුම සංකමණික ගැටලු වලට අදාළ උපදෙස් ලබා ගැනීමේ හැකියාව හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු සාමාජික කණ්ඩායමක් මෙලෙස සහ අනිද්දා Shepparton වෙත පැමිණ අදාළ උපදෙස් නොමිලේම ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔබට පවතින සියලුම සංක්‍රමණික ගැටලු වලට අදාළ පිළිතුරු දැනගැනීමට මෙහිදි අවස්තාව හිමි වන අතර ඒම අවස්ථාව මග නොහරින ලෙස දෙපාර්තමේන්තුව සංක්‍රමණිකයුන්ගෙන් ඉල්ලා සිටිනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »