පුද්ගල නිදහසට ඇති අයිතිවාසිකම් ඉහළින්ම ආරක්ෂා වන රටවල් පිළිබද නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස සඳහා මිනිසුන් ඇති අවස්ථා අනුව මෙම ශ්‍රේණිගත කිරීම world of Statistic වෙබ් අඩවිය විසින් පළ කර තිබුණා.
පුද්ගල නිදහසට ඇති අයිතිවාසිකම් ඉහළින්ම ආරක්ෂා වන රටවල් අතර ඔස්ට්‍රේලියාවට 12 වන ස්ථානය හිමිව තිබෙන අතර එම ශ්‍රේණිගත කිරීමේදී ඔස්ට්‍රේලියාවට ලකුණු 95 ක් හිමිව තිබීම ද විශේෂත්වයක්.
ශ්‍රේණිගත කිරීමේදී ලකුණු 100 ක් ලබා ගත් ෆින්ලන්තයට මෙහි පලමු ස්ථානය හිමිව තිබෙන අතර ලකුණු 99 ක් හිමි කර ගත් ස්වීඩනයට එහි දෙවන ස්ථානය හිම්ව තිබෙනවා.
මෙම ලැයිස්තුවේ නවසීලන්තයට තෙවන ස්ථානය ලකුණු 99 ක් හිමි කරගත් නවසීලන්තයට හිමි වෙද්දී ලකුණු 98 ක් හිමි වූ නෝර්වේ වෙත එහි සිව් වන ස්ථානය හිමිව තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
පුද්ගල නිදහසට ඇති අයිතිවාසිකම් ඉහළින්ම ආරක්ෂා වන රටවල් අතර අවසන් ස්ථානය සිරියාවට හිමිව තිබෙන අතර ශ්‍රේණිගත කිරීමේදී ඔවුන්ට එක් ලකුණක් පමණක් හිමි වීම ද කැපී පෙනෙනවා.