ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ මීලඟ ප්‍රධාන විධායක නිලධාරී ධූරය සදහා Todd Greenberg නම් කර තිබෙනවා.
වත්මන් ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි විසින් ලබන වසරේ මාර්තු මාසයේදී එම තනතුරෙන් ඉවත් වීමෙන් පසුව Todd Greenberg ඒ සදහා පත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කර ඔහු ජාතික රග්බි ලීගයේ හිටපු විධායක නිලධාරියා වශයෙන් මීට පෙර කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.
ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ සභාපති මයික් බෙර්ඩ් ද මෙම පත්වීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පලකර තිබෙන බවයි සදහන් වන්නේ.