Search

ඔස්ට්‍රේලියා රැකියා වීසා CSOL ලැයිස්තුව අලුත්වෙයි නවතම විස්තරය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ පුහුණු ශ්‍රමිකයින්ට රැකියා ලබා ගත හැකි ලැයිස්තුව යාවත්කාලීන කර තිබෙනවා.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයට පත් කළ CSOL (Core Skills Occupation List) වාර්තාවෙහි skilled migration යටතේ ලබාගත හැකි රැකියා 456 පිළිබද තොරතුරු ඇතුලත් වනවා.

subclass 482 විසා කාණ්ඩය යටතේ temporary skilled visa වීසා මෙන්ම subclass 186 යටතේ permanent Employer Nomination අයදුම් කර හැකි තොරතුරු මෙහි අන්තර්ගතයි.

මේ අතර පුහුණු ශ්‍රමිකයින්ට අදාළ වීසා තොරතුරු රැසක් ලබන 7වන දා ඉදිරිපත් කිරීමට නියමිත බව ද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කර තිබෙනවා.

මෙය මෙතෙක් පුහුණු ශ්‍රමිකයින් සදහා ඔස්ට්‍රේලියාව විසින් ඉදිරිපත් කළ විශාලතම ලැයිස්තුව වෙන අතර විධායක අංශයේ රැකියා රැසක්ද මීට ඇතුලත්.


 

 

https://immi.homeaffairs.gov.au/Documents/core-sol.pdf