Search

ඉහළම YouTube Subscription වාර්තා අලුත් වෙයි

මෙම වසරේ දෙසැම්බර් 2 වනදා වන විට ලොව වැඩිම Subscribers සංඛ්‍යාවක් හිමි YouTube නාලිකාව බවට MrBeast නැවත වරක් පත්ව තිබෙනවා.

පසුගිය වසරේ අදාල කාලසීමාව වනවිට MrBeast YouTube නාලිකාවේ Subscribers සංඛ්‍යාව සටහන් වූයේ මිලියන 216 ක් ලෙසයි.

කෙසේ වෙතත් මෙම වසරේ දෙසැම්බර් 2 වන දා වනවිට MrBeast හි Subscribers සංඛ්‍යාව මිලියන 334 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර පසුගිය වසරට සාපේක්ෂව MrBeast Youtube නාලිකාවේ Subscribers සංඛ්‍යාව මිලියන 118 කින් වර්ධනය වී තිබීම ද විශේෂත්වයක්.

පසුගිය වසරේ දෙසැම්බර් 2 වනදා වනවිට ලොව වැඩිම Subscribers සංඛ්‍යාවක් හිමි YouTube නාලිකාව බවට T-Series පත්ව තිබුණු අතර ඒ වනවිට ඔවුන් සතුව සිටි Subscribers සංඛ්‍යාව මිලියන 254 ක් බවයි සදහන් වන්නේ.

මෙම වසරේ අදාල කාලසීමාව වනවිට T-Series YouTube නාලිකාව සතු Subscribers සංඛ්‍යාව මිලියන 280 ක් වන අතර එම නාලිකාව පසුගිය වසරට සාපේක්ෂව මිලියන 26 ක Subscribers ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබෙනවා.

MrBeast YouTube නාලිකාව ඇමරිකානු YouTube නාලිකාවක් වන අතර T-Series YouTube නාලිකාව ඉන්දීය YouTube නාලිකාවක් ද වනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »