වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton වැසියන් සදහා වන වීසා ගැටලු වලට පිළිතුරු ලබා දීමේ දෙදින වැඩසටහනක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් හෙට සිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව වික්ටෝරියා හි සිටින සංක්‍රමණිකයින්ගේ වීසා බලපත්‍රය මෑතකදී කල් ඉකුත් වී ඇත්නම් හෝ කල් ඉකුත් වීමට ආසන්නව ඇති අය සදහා මෙය වඩාත් වැදගත්වනු ඇති.
හෙට සහ අනිද්දා යන දෙදින Mooroopna Education and Activity Centre 23 Alexandra Street, Mooroopna හි මෙම හමුව පැවැත්වෙනවා.
ඒ අනුව හෙට (4) දහවල් 12 සිට රාත්‍රී 7 දක්වාත් දෙසැම්බර් 5 වන දින උදෑසන 10 සිට සවස 6 දක්වා කාලයන් හි එහි පැමිණ ඔබේ සියලුම සංකමණික ගැටලු වලට අදාළ උපදෙස් ලබා ගැනීමේ හැකියාව හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු සාමාජික කණ්ඩායමක් මෙලෙස හෙට සහ අනිද්දා Shepparton වෙත පැමිණ අදාළ උපදෙස් නොමිලේම ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.
ඔබට පවතින සියලුම සංක්‍රමණික ගැටලු වලට අදාළ පිළිතුරු දැනගැනීමට මෙහිදි අවස්තාව හිමි වන අතර ඒම අවස්ථාව මග නොහරින ලෙස දෙපාර්තමේන්තුව සංක්‍රමණිකයුන්ගෙන් ඉල්ලා සිටිනවා.