Search

විදුලි බිලට වැඩි මුදලක් ගෙවන ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත

විදුලි බිල්පත් සඳහා වඩාත්ම මිල අධික ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පවුත් තම බිල්පත් අතුරින් වැඩිම අරගලයක නිරතවන්නේ විදුලි බිල්පත් සදහා වන අතර ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමකය ආයතන විසින් සිය 2023/2024 වාර්තාවේ විදුලිය සඳහා ලාභම සහ මිල අධිකම ප්‍රාන්ත  ලැයිස්තුගත කර තිබුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ විදුලිය සදහා අවම මුදලක් වැය වන්නේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට වන අතර එහි වාර්ෂික විදුලි බිල්පත් අගය ඩොලර් 1617ක්

NSW පදිංචිකරුවන් ඔවුන්ගේ වාර්ෂික විදුලි බිල්පත් සදහා වැයවන මුදල ඩොලර් 1952ක්.

ACT ප්‍රධාන පරිපාලන කළාපය තුල ජීවත්වන ඔස්ට්‍රේලියානුවන්ට විදුලිය සදහා වාර්ෂිකව ඩොලර් 2118 ක මුදලක් ගෙවීමට සිදුවන බවයි අනාවරණය වන්නේ.

එම අගය 2022/23 මූල්‍ය වර්ශයට සාපේක්ෂව ඩොලර් 50ක වැඩිවීමක් බව සදහන්.

දකුණු ඔස්ට්‍රේලියාවේ ද පසුගිය මූල්‍ය වර්ෂයේ දී විදුලිය සඳහා සාමාන්‍යයෙන් වාර්ෂික ඩොලර් 2231 ක් වැය කරන අතර එම වාර්තාවට අනුව මෙහි වියදම ඉහළ බවයි වාර්තා වන්නේ.

තවද ටස්මේනියානුවන්ට ඔවුන්ගේ විදුලි බිල්පත් සඳහා  සාමාන්‍යයෙන් වාර්ෂික වැඩි මුදලක් වියදම් කරන අතර එම අගය සදහන් වන්නේ ඩොලර් 2748 ක් ලෙසයි.

කෙසේ වෙතත් මෙම ශ්‍රේණිගත කිරීමට වික්ටෝරියා, NT  සහ බටහිර ඔස්ට්‍රේලියාව ඇතුළත් කර නැහැ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »