ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුවක් වන Commonwealth Bank of Australia හි
ශාඛාවකින් මුදල් ආපසු ගැනීමට අවශ්‍ය ඕනෑම වේලාවක ගනුදෙනුකරුවන්ගෙන් ඩොලර් 3 ක ගාස්තුවක් අය කරන බව නිවේදනය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම බැංකුව සදහන් කළේ ජනවාරි 6 වනදා සිට, පාරිභෝගිකයන් විසින් කොමන්වෙල්ත් බැංකු ශාඛාවකින්, තැපැල් කාර්යාලයකින් හෝ දුරකථනය භාවිතයෙන් මුදල් ලබා ගන්නා විට ඩොලර් 3ක් ආපසු ගැනීමේ ගාස්තුවක් අය කරන බවයි.
තවද මේ වන විට Complete Access ගිණුම් ඇති අය Smart Access ගිණුමකට මාරු වන ලෙස Commonwealth Bank of Australia පාරිභෝගිකයින්ට දැනුම් දී ඇති බව සදහන්.
වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් සහ ආබාධ සහිත පුද්ගලයින් එම ගාස්තුවෙන් නිදහස් කර තිබෙනවා.
තවද ලබන වසරේ සිටි ANZ ශාඛාවක “කාර්ය මණ්ඩල සහය” ගනුදෙනු සඳහා ඩොලර් ශත 80 සිට ඩොලර් 2.50 දක්වා අය කරන අතර,
NAB සහ Westpac කාර්ය මණ්ඩල සහායක ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන්ගෙන් ඩොලර් 3 ක ගාස්තුවක් අය කරනු ඇති බවයි දන්වා ඇත්තේ.