Search

ඔස්ට්‍රේලියාවේ දී Wedding Plan කරනවා නම් වැයවන මුදල මෙන්න

ඔස්ට්‍රේලියාවේ දී ව්වග උත්සවයක් ගැනීමට අපේක්ෂාකරන යුවලකට වැයවන සාමාන්‍ය පිරිවැය ඩොලර් 35,000 ඉක්මවන බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ විවහ වීමට අපේක්ෂිත බොහෝ යුවල් තම වියම් පිළිබද සැලකිල්ලක් දක්වන බවයි අනාවරණය වන්නේ.

Easy Weddings හි නවතම වාර්තා පෙන්වා දී ඇත්තේ විවාහ මංගල්‍යයන් සඳහා මෙම වසරේ දි පිරිවැය සියයට 28කින් ඉහළ ගොස් ඇති බවයි.

බොහෝ යුවල් විවහය සැළසුම් කිරීමේ දී සාමාන්‍ය ආරම්භක අයවැය ඩොලර් 27,455 ක් වන අතර, පසුව වැඩ කටයුතු සිදුකරගෙන යෑමේ දී සාමාන්‍යයෙන් ඩොලර් 35,315 ක් වැය කරන බවයි හෙළිව ඇත්තේ.

මංගල උත්සවයක් සැළසුම් කිරීම මිල අධිකවුවත් එම කටයුතු සිදුකරගෙන යෑමේදී වියදම අනපේක්ෂිත ලෙස ඉහළ යන බව සදහන්.

නමුත් ඔස්ට්‍රේලියාවේ දී විවහ වෙන්න සැලසුම් කරන බොහෝ දෙනෙක් හැකිතාක් පිරිවැය අඩු කරගැනීමට කටයුතු කරන බවද අනාවරණය වනවා.

Easy Weddings හි ජ්‍යෙෂ්ඨ විවාහ සැලසුම්කරු Darcy Allen පැවසුවේ සෑම විවහවන ජෝඩුවලින් තුනෙන් දෙකකට අදාළ බිල්පත් ඉක්මනින් විසදා ගැනීමට ඔවුන්ගේ පවුල්වල උපකාර පතන බවයි.

එසේම ඔස්ට්‍රේලියාවේ විවහා උත්සව වලට සහභාගිවන්නන්ගේ ද සංඛ්‍යාවද අඩුව ඇති අතර 100 දෙනෙක්ට ආරාධනා කරත් 88කට වඩා අඩු පිරිසක් පැමිණෙන බවයි වාර්තා වන්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »