Search

Protection VISA ගැන බොරු නිසා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ට ගැටළු රැසක්

Protection Visa (Subclass 866) සම්බන්ධයෙන් වැරදි තොරතුරු රාශියක් සමාජගත වී තිබීම හේතුවෙන් සංක්‍රමණිකයන්ට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවන බව ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.

මෙම වීසා බලපත්‍රය ලබාදෙන්නේ ඔස්ට්‍රේලියාව තුළ සරණාගතභාවය අයදුම් කරන පුද්ගලයන් සදහා පමණක් වන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර ඇත්තේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ රැදී සිටිමින් නීති විරෝධී සංක්‍රමණ සදහා ආධාර අනුබල දුන් විදේශිකයෙකුගේ වීසා බලපත්‍රය ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් අහෝසි කර තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

අදාල පුද්ගලයා විසින් වීසා අයදුම්කරුවන් 1000 ක ගෙන් පමණ ආගමන විගමන උපදෙස් ලබාදීම වෙනුවෙන් විශාල වශයෙන් මුදල් අය කර තිබෙන අතර එම අයදුම් කරුවන්ට Protection Visa (Subclass 866) සදහා අයදුම් කරන ලෙසට වැරදි උපදෙස් ලබාදී තිබෙන බවයි එහි දැක්වෙන්නේ.

මෙවැනි වීසා අයදුම් කිරීම් හරහා ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය සහ ආරක්ෂාව අත්‍යවශ්‍ය පුද්ගලයන්ගේ වීසා අනුමත වීම් සදහා අනවශ්‍ය ප්‍රමාදයන් සිදුවන බවයි සදහන් වන්නේ.

ඔස්ට්‍රේලියානු නීතිය යටතේ සංක්‍රමණිකයන්ට අවශ්‍ය සහය ලබාදීම සදහා ගාස්තුවක් අය කළ හැක්කේ ලියාපදිංචි වී සිටින සංක්‍රමණ නියෝජිතයන්ට සහ නීති වෘත්තිකයන්ට පමණක් වන බව ද ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »