දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය හිමි කරගත් සිඩ්නි හි ප්‍රසිද්ධ Luna Park දේශීය සමාගමක් වන Oscars Group විසින් මිලදී ගෙන තිබෙනවා.
මීට පෙර එහි හිමිකරුවන් වූ Brookfield වෙතින් Oscars Group ආයතනය මෙය මිලදී ගෙන ඇති නමුත් ඒ සදහා කොපමණ මුදලක් ඔවුන් වැය කළාද යන වග මෙතෙක් අනාවරණය වී නැහැ.
Luna Park ලොව හොදම සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීම සහ එය සිඩ්නි වැසියන් වෙනුවෙන් විනෝදාස්වාදය ගෙන දෙන ස්ථානයක් බවට පත්කිරීම තම සමාගමේ අරමුණ වන බවයි Oscars Group හි කළමනාකාර අධ්‍යක්ෂ Bill Gravanis විසින් ප්‍රකාශ කර ඇත්තේ.
මෙම ස්ථානය මිලදී ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශාල උනන්දුවක් තිබුණු බවයි CBRE දේපල වෙළදාම් සමාගමේ සේවය කරන සයිමන් රූනි විසින් සදහන් කරන්නේ.
මෙම ස්ථානය සිඩ්නි වරායට ආසන්නව පිහිටා තිබීම නිසා එය මිලදී ගැනීම සුවිශේෂී ආයෝජනයක් වන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
මේ අතර Luna Park හි වාර්තාගත ප්‍රවේශ පත්‍ර අලෙවියක් සිදුවී ඇති බවත් එය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවත් Luna Park හි ප්‍රධාන විධායක නිලධාරී ජෝන් හියුස් විසින් ප්‍රකාශ කර තිබෙනවා.