Search

වික්ටෝරියාවේ මස් හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිටින කුඩා පරිමාණ ගොවීන් විසින් සපයනු ලබන මාංශ ප්‍රමාණය ඉදිරියේදී වෙළඳ පොලෙන් අතුරුදහන් වීමේ ඉඩකඩක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ මධ්‍යම වික්ටෝරියා හි Kyneton අසල පිහිටි සත්ත්ව මාංශ සැකසුම් සමාගමක් වන Kilcoy Global Foods (Hardwickes) විසින් 2025 වසර ආරම්භයේ සිට එක් වරකට ගවයින් 15 ක් හෝ බැටළු පැටවුන් (Lamb) 15 දෙනෙක් මස් පිණිස සැකසීම සදහා පමණක් ඇණවුම් භාර ගන්නා බවට සදහන් කර තිබීමයි.

මෙම තීරණය සම්බන්ධයෙන් අදාල සමාගම විසින් ගණුදෙනුකරුවන් වෙත ලිපියක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ නව වෙනස්කම හරහා තම සමාගමට සහ ගණුදෙනුකරුවන්ට මාංශ වෙළදපොළ තුළ තරගකාරීත්වයෙන් කටයුතු කිරීමට උපකාරී වන බවයි.

ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත මෙම නව ප්‍රතිපත්තිය හරහා කුඩා පරිමාණ ගොවීන්ට මාංශ සැකසීම සදහා සතුන් වෙනත් ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට සිදුවන අතර ඒ හරහා ඔවුන්ට මූල්‍යමය වශයෙන් විශාල පාඩුදායක තත්වයන්වලට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන බවයි සදහන් වන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ මාංශ සැකසුම් අංශයේ ඉදිරියෙන්ම සිටින්නේ බ්‍රසීලයේ JBS සහ ඇමරිකා එක්සත් ජනපදයේ Teys-Cargill වැනි විදේශීය බහු ජාතික සමාගම් වීම ද විශේෂත්වයක්.

මෙවැනි පසුබිමක Kilcoy Global Foods සමාගම 2021 දී Hardwicks විසින් මිලදී ගෙන තිබෙන අතර එහි මේ වනවිට හිමිකාරීත්වය දරන්නේ චීනයේ බීජිං කේන්ද්‍ර කරගත් සමාගමක් වීම ද කැපී පෙනෙනවා.

විදේශිය මාංශ සැකසුම් සමාගම් විසින් ඔස්ට්‍රේලියානුවන්ට ලොව හොදම තත්වයේ ආහාර ලබා ගැනීමට ඇති අවස්ථා අහිමි කරන බවයි ආහාර ක්ෂේත්‍රය සම්බන්ධ සම්මාන ලාභී ලේඛකයෙකු වන රිචඩ් කෝර්නිෂ් විසින් සදහන් කර ඇත්තේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »