
”Services Australia” විසින් ඔවුන්ගේ සේවා ස්ථාන හා ඇමතුම් මධ්‍යස්ථාන රැසක් ඉදිරි දින කිහිපයේදී වසා තැබෙන බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නත්තල් දිනය , බොක්සිං දිනය , දෙසැම්බර් 27 සහ අලුත් අවුරුදු දිනයේදී මෙම වසා තැබීම සිදුවන බවයි සදහන් වන්නේ.
මෙම නිවාඩු දිනයන් හේතුවෙන් සමහර Centrelink ප්‍රතිලාභ හිමි පුද්ගලයන්ට ඔවුන්ගේ ගෙවීම් නියමිත දිනට පෙර සිදුකිරීම සදහා ප්‍රතිලාභීන්ගේ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමේ දිනයන් සංශෝධනය කිරීමට අවශ්‍ය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

නිවාඩු දිනවල දී Services Australia හි
සේවා ස්ථාන හා ඇමතුම් මධ්‍යස්ථාන රැසක් වසා දැමීම හරහා Austudy, කෘෂි සහනාධාර, රැකියා සොයන්නන්ගේ දීමනා සහ තරුණ ප්‍රජාව වෙත ලබාදෙන දීමනා සදහා ද බලපෑම් ඇති විය හැකි බවයි එහි වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.
මීට අමතරව මේ හරහා පවුල් දීමනා, විශ්‍රාම වැටුප් , ආබාධිත විශ්‍රාම වැටුප්, ABSTUDY වැනි දීමනාවන් රැසකට බලපෑම් ඇතිවිය හැකි බවයි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ප්‍රතිලාභ ලබාගැනීම සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන පුද්ගලයන් සදහා හිමි වන අදාල දීමනාවන් වෙනදාට වඩා ඉක්මනින් ලැබෙන බව සදහන් වනවා.
කෙසේ වෙතත් අදාල දීමනා ලබාගැනීම සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයන්ට සංශෝධනය කර ඇති දින වකවානු පිළිබදව සම්පූර්ණ විස්තරයක් Services Australia වෙබ් අඩවියට පිවිසීම තුළින් ලබාගත හැකි බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.