Search

ශ්‍රී ලංකාවේ දෙවන අගවිනිසුරුවරිය අද දිවුරුම් දුන්නා

මෙරට නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (02) දිවුරුම් දුන්නා

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමඟ එම තනතුර සදහා මුර්දු ප්‍රනාන්දු මහත්මිය නම්කරනු ලැබුවා.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය සැළකෙන්නේ මෙරට අගවිනිසුරු ධූරයට පත්වූ දෙවන කාන්තාව ලෙසටයි.

මෙරට පළමු අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි.

නීතිපති දෙපාර්තමේන්තුවට 1985 වසරේ දී එක් වූ මුර්දු ප්‍රනාන්දු මහත්මිය 1997 වසරේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයට පත් වුණා.

පසුව 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයට ඇය උසස්වීම් ලැබුවා.

2018 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස පත් වු ඇය; 2024 වසරේ ඔක්තෝබර් 10 වනදා වැඩබලන අගවිනිසුරුවරිය ලෙස පත් වුණා.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »