Search

Woolworth රාක්ක රැසක් මේ දින වල හිස්වෙයි

Woolworth සුපිරි වෙළඳසැල් ජාලයට සම්බන්ධ බෙදාහැරීමේ මධ්‍යස්ථාන රැසක සේවකයින් 1500කට අධික පිරිසක් වැටුප් කොන්දේසි මුල් කරගනිමින් දින 12ක සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් වික්ටෝරියා හි Woolworth වෙළදසැල් 4ක සහ නිව් සවුත් වේල්ස් අලෙවිසැල් රැසක කටයුතු වලට බාධා මතුව ඇති බවයි වාර්තා වන්නේ

සේවකයින් සියයට 25කින් වැටුප් වැඩිකිරීමක් ඉල්ලා සිටින අතර ඉදිරි වසර 2 තුළ එම අගය සියයට 30 දක්වා ඉහළ දැමිය යුතු බවටයි ඉල්ලීම් කර ඇත්තේ.

Woolworth ගබඩා 8ක සේවකයින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව සදහන්.

මෙල්බන් හි Woolworths වෙළඳසැල් වෙත ගිය බොහෝ පාරිභෝහිකයින් සදහන් කර ඇත්තේ වෙළදසැල් රාක්ක රැසක අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් පැවති බවයි.

රසකැවිලි, සිසිල් බීම, ශීතකළ පලතුරු එලවලු සහ පාන් සති අන්තයේ සමහර වෙළඳසැල්වල හිඟයක් පවතින බවට සාප්පු හිමියන් ද පැමිණිලි කර තිබෙනවා.

Woolworths ආයතනය පැවසුවේ වෘත්තීය සංගම් සමග සාකච්ජා කරන බවත් උත්සව සමයේ පාරිභෝගිකයින්ට හිගයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට අවස්ථාව හිමිකරදීමට කටයුතු කරන බවයි.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »