වසර 30 කට පසුව Endometriosis රෝගීන් සදහා දැරිය හැකි මුදලකට නව ප්‍රතිකාර ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙන බවට සදහන් වනවා.
ඖෂධීය ප්‍රතිකාර යෝජනා ක්‍රමය (Pharmaceutical Benefits Scheme) යටතේ Visanne නම් මෙම ඖෂධය ඉදිරියේදී ලබා ගත හැකි අතර සෞඛ්‍ය අමාත්‍ය Mark Butler විසින් එම ලැයිස්තුගත කිරීම ප්‍රකාශයට පත්කර තිබෙන බවද සදහන්.
මෙම ඖෂධ සදහා වසරකට ඩොලර් 380 සිට ඩොලර් 800 ක් දක්වා මුදලක් වැය විය හැකි බවත් විශ්‍රාම වැටුප් සහ සහන කාඩ්පත් හිමි රෝගීන් සදහා එම ඖෂධය ඩොලර් 90 කට ලබා ගත හැකි බවයි එහි දක්වා ඇත්තේ.
Visanne නම් මෙම ඖෂධ වර්ගය Dienogest ඖෂධ කාණ්ඩය යටතේ අලෙවි කරන අතර එම ඖෂධය ප්‍රජෙස්ටරෝන් හෝමෝනය භාවිතා කරමින් ඩිම්බ මෝචනය සහ ඔපස් වීම වලක්වමින් අසාමාන්‍ය ලෙස පටක වර්ධනය වීම සීමා කිරීමට උපකාරී වන බවයි සදහන් වන්නේ.
Endometriosis රෝගී තත්වයෙන් පීඩා විදින කාන්තාවන්ගේ සාමාන්‍යයෙන් ගර්භාෂයෙන් පිටත පටක වර්ධනය වීම සිදුවන අතර එය ඔවුන්ට වේදනාකාරී වන බවයි මෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මෙම තත්වය හමුවේ මිලියනකට අධික ඔස්ට්‍රේලියානු කාන්තාවන්‍ට බලපෑම් ඇතිවන අතර මෙහි රෝග විනිශ්චය කටයුතු සදහා දළ වශයෙන් වසර 6 ක කාලයක් ගත වීමද විශේෂත්වයක්.