Search

දෙන්නෑ කියු සමාව ජෝ බයිඩ්න් නිල වශයෙන් පුතාට ලබා දෙයි

නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ බදු වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න්ට නිල ජනාධිපති සමාවක් නිකුත් කර තිබෙනවා.

අමෙරිකානු ජනපතිවරයා මෙලෙස කර තිබෙන්නේ තම පුතාට සමාව නොදෙන බවත් ඔහුගේ දඬුවම ලිහිල් නොකරන බවටත් කලින් ප්‍රකාශ කර තිබූ තත්වයකයි.

නමුත් ජනාධිපති බයිඩ්න් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමා අධිකරණ පද්ධතිය විශ්වාස කළද, දේශපාලන හේතු මත තම පුත්‍රයාට මෙලෙස චෝදනා ගොනු කර ඇති බව තමන් විශ්වාස කරන බවයි.

හන්ටර් බයිඩ්න් පසුගිය සැප්තැම්බර් මස මුලදී බදු චෝදනාවලට වරද පිළිගත් අතර, පසුගිය ජූනි මාසයේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු ලෙස සිටිමින් තුවක්කුවක් ළඟ තබාගැනීමේ වරදට වරදකරු වුණා.

එමගින් අමෙරිකාවේ ෆෙඩරල් අපරාධයකට වරදකරුවෙකු වූ ධූරයේ සිටින ජනාධිපතිවරයෙකුගේ පළමු දරුවා බවට හන්ටර් බයිඩ්න් පත්වුණා.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ මෙම ක්‍රියාව තම ඩිමොක්‍රටික පක්ෂ ක්‍රියාකාරීන් තුළ බෙදීමක් ඇති කර තිබෙන බවට මාධ්‍ය වාර්තා කරනවා.

ජනපතිවරයාගේ ඥාතීන්ට වරප්‍රසාද ලබා දීමක් මෙහිදී පෙනෙන්නට ඇති බවටයි ඇතමෙක් තර්ක කරන්නේ.

මේ අතර අමෙරිකානු නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සමාව හඳුන්වා ඇත්තේ “යුක්තිය අපයෝජනය කිරීමක් ලෙසයි.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »