
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයන් හි නිවාස වෙලඳපොල අගය ක්‍රමයෙන් පහත වැටි ඇති බව නවතම වෙළදපළ දත්ත වාර්තා අනුව හදුනාගෙන තිබෙනවා.
CoreLogic හි ජාතික නිවාස වටිනාකම් දර්ශකයට අනුව නොවැම්බර් මාසයේ දී නිවාස වටිනාකම ඉහළ ගොස් ඇත්තේ සියයට 0.1 කින් බව සදහන්.
2023 වසරේ ජනවාරි සිට මෙලෙස ජාතික නිවාස වටිනාකම සියයට 0.1ක් වැනි අඩු අගයකින් ඉහළ ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.

CoreLogic පර්යේෂණ අධ්‍යක්ෂ Tim Lawless (ටිම් ලෝලස්) පැවසුවේ සිඩ්නි සහ මෙල්බන් නිවාස වටිනාකම ක්‍රමයෙන් පහත වැටී ඇති බවයි.
පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව නිවාස වටිනාකම සියයට 2.3ක අඩුවීමක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.

මෙරට නිවාස අගයෙහි වාර්තාගත වැඩීවීමක් පසුගිය සැප්තැම්බර් මාසයේ පෙන්නුම් කර ඇති අතර ඒ සිඩිනි නගරයෙන් බව සදහන්.
පර්ත් හි නිවාස වටිනාකම් නොවැම්බරයේ සියයට 1.1 කින් ද ඒ හා සමානව, බ්‍රිස්බේන්හි කාර්තුමය වර්ධන වේගය සියයට 1.8 දක්වා අඩු වි ඇති බවද එම වාර්තා පෙන්වා දී තිබෙනවා.