වික්ටෝරියා ප්‍රාන්තයේ මෝනිංටන් කලාපයේ නිවසක් තුළ අද අලුයම සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.
අද අලුයම 4 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර පොලීසියට ලද තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කෙරුණා.
පොලීසිය එම ස්ථානයට යන විටත් වෙඩි වැදී තුවාල ලැබා සිටි යුවලක් හමුව තිබෙන අතර ඔවුන් ඒ වන විටත් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නිවසේ සිටි තවත් පුද්ගලයෙක් ඒ වන විටත් පලා ගොස් ඇති බව සදහන්.
කෙසේ වෙතත් පොලීසිය සදහන් කරේ මෙම ගැටුම හටගෙන ඇත්තේ දෙපාර්ශවයම හොදින් දැන හදුනන පිරිසක් අතර බවයි.
පලාගිය සැකකාර පුද්ගලයා සොයා වික්ටෝරියා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.