
2025 වසරේ ලොව හොඳම නගර 10ට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය නම් කර තිබෙනවා.
වෙළඳපල පර්යේෂණ සමාගමක් වන Ipsos විසින් 2025 ලොව හොඳම නගර වාර්තාව ඉදිරිපත් කර තිබුණා.
ලොව පුරා නගර වල ජනතාවගේ ජීවත්වීමේ හැකියාව, ආදරණීයබව සහ නගරය තුළ වූ සමෘද්ධිය යන කරුණු මත මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

රටවල් 30 ක පුද්ගලයින් 22,000 ක් සමීක්ෂණයක් ඇතුළත් කර ඇති අතර ලොව හොදම නගරය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයයි.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය ඇමරිකාවේ නිව් යෝක් නගරය හිමිකරගෙන ඇති අතර ප්‍රංශයේ පැරිස් හිමිකරගෙන තිබෙනවා.

මෙම පළමු තුන සදහා තේරී පත්වූ නගර සංචාරක ආකර්ෂණය අතින් ද වඩාත් ඉහළ වනු ඇති.
පිළිවෙලින් ටෝකියෝ, සිංගප්පූරුව සහ රෝමය Top 10 රටවල් අතර හතරේ සිට 6 දක්වා ස්ථාන හිමිකරගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට හිමිවන්නේ 10 වන ස්ථානයයි.