Search

190 – 491 VISA කාණ්ඩවලින් වික්ටෝරියාවේ වැඩි අවස්ථාවක් ඇති රැකියා ගැන දැනුම් දීමක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ Subclass 190 සහ 491 වීසා බලපත්‍ර යටතේ වැඩි අවස්ථාවන් හිමිව තිබෙන රැකියා පිළිබදව දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මෙම වීසා කාණ්ඩ ද්විත්වය යටතේ වෙළද අංශයේ රැකියා අවස්ථාවලට ප්‍රමුඛතාවයක් ලබාදී තිබෙන බවයි සදහන් වන්නේ.

Subclass 190 වීසා කාණ්ඩය යටතේ අධ්‍යාපනය ලැබීමට සහ රැකියාවක නිරත වීමට අවකාශය හිමි වන අතර Subclass 491 වීසා කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව තුළ වසර 5 ක කාලයක් රැදී සිටීමට ද අවස්ථාව හිමි වනවා.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ප්‍රමුඛතාවය හිමිව තිබෙන රැකියා අවස්ථා අතර වඩු කාර්මිකයින්, Joiner, Glazier , Fibrous Plasterer, Solid Plasterer ආදී ක්ෂේත්‍රයන්වල රැකිය අවස්ථා රැසක් පවතින බවයි සදහන් වී ඇත්තේ.

ජල නල කාර්මිකයන් (සාමාන්‍ය) ,
A/C කාර්මිකයින්, Roof Plumber, විදුලි කාර්මික (සාමාන්‍ය) ආදී ක්ෂේත්‍රයන් තුළද රැකියා අවස්ථා රැසක් පවතින බව ද මෙහි දක්වා තිබෙනවා.

මේ අතර විදුලි කාර්මික (විශේෂ), විදුලි රැහැන් සේවකයන්, Cabler සහ අල්මාරි නිර්මාණකරුවන් (Cabinetmaker) යන රැකියා ක්ෂේත්‍රවලද පුරප්පාඩු රැසක් පැවතීම ද කැපී පෙනෙනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »