ෆෙඩරල් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය තහනම සම්බන්ධව දරුවන්ගේ අදහස් සම්බන්ධයෙන් සමාජය තුළ යම් කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
මෙවැනි පසුබිමක් තුළ ඇඩිලේඩ් හි බාලදක්ෂ කණ්ඩායමක සිටින ළමුන් පිරිසක් සදහන් කර ඇත්තේ අන්තර්ජාලයේ කාලය ගත කිරීම වෙනුවට ඔවුන් සියලු දෙනා එක්ව කාලය ගතකිරීමට කැමැත්තක් දක්වන බවයි.
සෑම සතියකම ඔවුන් ක්‍රියාකාරම් සදහා රැස්වන අතර ජංගම දුරකතන වලින් ඈත්ව සිටින මෙම කාල සීමාවේදී ඔවුන්ගේ සමාජ කුසලතා වර්ධනය වී තිබෙන බවයි මෙම බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකයන් විසින් විශ්වාස කරන්නේ.
වෙනත් පුද්ගලයින් සමග කාලය ගත කරන විට දුරකතනය භාවිතය සදහා වැය වන කාලය ඉබේම සීමා වන බවයි බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකයෙකු වන 13 හැවිරිදි Pip Hamlyn විසින් සදහන් කර ඇත්තේ.
වර්තමාන තරුණ පරපුර සමාජ මාධ්‍ය සමග කාලය ගත කළද ඔවුන්ට සමාජ මාධ්‍ය භාවිතයේ වාසිදායක පැතිකඩ හා අවාසිදායක පැතිකඩ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් පවතින බව ද වැඩිදුරටත් සදහන්.
කෙසේ වෙතත් මෙම අදහස් හරහා සමාජ මාධ්‍ය තහනම කඩිනම් විය හැකි බවත් ඒ හරහා ඒ ඒ වයස් කාණ්ඩවල පසුවන දරුවන් අතර දෙකඩ වීමක් නිර්මාණය විය හැකි බවයි එහි සදහන් වී ඇත්තේ.